Zonal Education Office Naula

📋 අධ්‍යාපන පරිපාලන අංශය

දැක්ම

“ගුණාත්මක සේවාවක්, සතුටුදායක සේවාලාභියෙක්.”

මෙහෙවර

“කාර්යක්ෂමතාව, වගවීම හා කණ්ඩායම් ක්‍රියාකාරිත්වය තුළින් ගුණාත්මක ආයතනික සේවාවක් සැපයීම”

හැඳින්වීම:

අධ්‍යාපන කලාපයට අයත් බල ප්‍රදේශයේ සියලු ම පාසල්වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් සැපයීම, අවශ්‍ය මැදිහත් වීම් සිදුකිරීම, පාසල්වල ක්‍රියාත්මක කෙරෙන විශේෂ හා අතිරේක වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම, රජයේ විභාග පැවැත්වීම ඇතුළු කාර්යය රාශියක් මෙම අංශය යටතේ සිදු කෙරේ. පාසල්වල දේපළ හා භෞතික සම්පත් පිළිබඳව ක්‍රියා කිරීමේ නෛතික වගකීම අධ්‍යාපන පරිපාලන අංශය සතු වේ. සමහර කලාප අධ්‍යාපන කාර්යාල මෙම ශාඛාව ‘පාසල් පාලන’ ශාඛාව ලෙස හැඳින්වුව ද එයින් ද මේ හා සමාන කාර්යභාරයක් ඉටු වේ.

ප්‍රධාන වගකීම් සහ කාර්යභාරයන් (සම්පූර්ණ ලැයිස්තුව):

  • පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා නියාමනය
  • පාසල්වල කාලසටහන් අනුමත කිරීම
  • පාසල් විනය හා සුභසාධන කටයුතු ඉටු කිරීම
  • පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන, මත් ද්‍රව්‍ය නිවාරණ, වසංගත රෝග නිවාරණ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම
  • පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ආපන ශාලා අධීක්ෂණ කටයුතු සිදු කිරීම
  • කලාප කාර්යාලය වෙත පැවරෙන විනය කටයුතුවල මූලික විමර්ශන පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම
  • විවිධ ප්‍රදාන හා ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම හා යොමු කිරීම
  • රජයේ විභාග සංවිධානය හා පැවැත්වීම
  • ශිෂ්‍ය කාර්ය දර්ශක දෙවන පිටපත් නිකුත් කිරීම, අධ්‍යාපන සහතික සනාථ කිරීම, ශිෂ්‍ය අනන්‍යතා පත්‍ර සහතික කිරීම
  • පාසල්වල නිවාඩු සැසි පැවැත්වීම නිර්දේශ කිරීම
  • පාසල් පරිශ්‍ර හා සම්පත්, බාහිර පාර්ශවයන්ට ලබා දීම සඳහා අනුමැතිය ලබා දීම
  • පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණ කටයුතු හා ඒවායේ ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම
  • ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • අධ්‍යයන හා ක්ෂේත්‍ර චාරිකා සඳහා අවසර ලබා දීමේ කටයුතු සිදු කිරීම
  • පාසල් නිල ඇඳුම් හා පෙළ පොත්, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පුස්තකාල පොත්, ඉගෙනුම් උපකරණ, ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමට අදාල කටයුතු කිරීම
  • 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර ලබා දීමට අදාල කටයුතු සිදු කිරීම
  • අනුමත පෞද්ගලික හා උපකෘත පාසල් පරිපාලනය සම්බන්ධ කටයුතු සිදු කිරීම
  • ඉඩම් අත්පත් කර ගැනීම, නිරවුල් කිරීම, අවසන් කිරීමට අදාල කටයුතු සිදු කිරීම
  • අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම
  • අවස්ථානුකූල ව කලාප අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් කටයුතු සිදු කිරීම
wijayabandara

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I

පී.එච්.එම්.අයි.විජයබණ්ඩාර මිය

picture7

මෙම කලාපයට අයත් පහත තනතුරු වලට අදාල සියලු නිලධාරීන්ගේ පෞද්ගලික ලිපිගොනු සම්බන්ධ කටයුතු

  • ශ්‍රී ලංකා පරිවේනාචාර්ය සේවය
  • අධ්‍යාපන පරිපාලන සේවය‍
  • ගුරු අධ්‍යාපනඥ සේවය
  • කළමනාකරණ සේවා නිලධාරී සේවය
  • සංවර්ධන නිලධාරී සේවය
  • ක්‍රීඩා පුහුණුකරු
  • ශිල්පීය නොවන සේවය‍

සාපා 01 (අංශ ප්‍රධානී)

එච්.එම්.ඩී.ඩී.කේ.සමරසිංහ මිය

(කළමනාකරණ සේවා නිලධාරී සේවය I)

athula

සාපා 02

ආර්.එම්.අතුල රත්නායක මයා

(කළමනාකරණ සේවා නිලධාරී සේවය I)

  • විදුලි, දුරකතන, ජල බිල්පත් සම්බන්ධ කටයුතු
  • ගමන් වියදම්, අතිකාල දීමනා වවුචර් සම්බන්ධ කටයුතු

 

bandara

සාපා 03

ඩබ්.එස්.එම්.ටී.ඩබ්.එම්.ඩී.කේ.බණඩාර මිය

(සංවර්ධන නිලධාරී සේවය III)

  • පෝෂණ වවුචර් සම්බන්ධ රාජකාරි
  • සනීපාරක්ෂක හා නිල ඇඳුම් වවුචර් සම්බන්ධ රාජකාරි
  • විභාග රාජකාරි
  • මැතිවරණ රාජකාරි
  • පාසල් වලට සිසුන් ඇතුලත් කිරීම හා පෙළ පොත් සම්බන්ධ රාජකාරි

 

senawirathna new

සාපා 04

ඒ.එම්.ටී.ජී.සෙනවිරත්න මයා

(කළමනාකරණ සේවා නිලධාරී සේවය III)

  • Nc 2070 වාහනය සම්බන්ධ රාජකාරි
  • ශ්‍රී ලංකා ගුරු සේවයේ හා විදුහල්පති සේවයේ ස්ථාන මාරු හා අනුයුක්ත සම්බන්ධ රාජකාරි
  • පාසල් නිල නිවාස සම්බන්ධ රාජකාරි
  • පාසල් ඉඩම් සම්බන්ධ රාජකාරි
  • දෛනික තැපෑල සම්බන්ධ කටයුතු
  • පෙත්සම් පැමිණිලි සම්බන්ධ රාජකාරි
  • පාසල් වල අනතුරුදායක ගස් ඉවත් කිරීම සම්බන්ධ රාජකාරි
meththanannd

සාපා 05

ජී.ඒ.ඩබ්.මෙත්තානන්ද මිය

(සංවර්ධන නිලධාරී සේවය III)

  • නාඋල කලාපයට අයත් සියලුම නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ රාජකාරි
  • ඵලදායිතා සම්බන්ධ රාජකාරි
  • ආපදා ණය සම්බන්ධ රාජකාරි
  • දේපළ ණය සම්බන්ධ රාජකාරි
pushpakumari

සාපා 06

එම්.එන්.ඒ.පුෂ්පකුමාරි මිය

(සංවර්ධන නිලධාරී සේවය III)

  • කාර්යාල නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධ රාජකාරි
  • අග්‍රහාර හිමිකම් සම්බන්ධ රාජකාරි
  • සුරක්ෂා රක්ෂණය සම්බන්ධ රාජකාරි
  • ශිෂ්‍යාධාර සම්බන්ධ රාජකාරි
kumari

ඒ.ජී.එස්.එන්.කුමාරි මෙය

කාර්යාල සේවක සේවය III

wijekon

ඊ.එම්.එච්.ජී.එම්.විජේකෝණ් මයා

කාර්යාල කාර්ය සහයක අධි ශ්‍රේණිය