Zonal Education Office Naula

screenshot 2026 07 06 134313

📊 සැලසුම් අංශය

දැක්ම

“සපිරිුණු දත්ත පද්ධතියකින් හෙබි කාර්යක්ෂම සේවාවක් සපයන, ආදර්ශමත් අංශයක් බවට පත් වීම.”

මෙහෙවර

“නවීන තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ දත්ත මත පදනම් වූ, නිවැරදි සහ කාලෝචිත සැලසුම් සහ වාර්තා ඉදිරිපත් කිරීමත්, නූතන ඵලදායිතා ශිල්ප ක්‍රම ඔස්සේ කාර්යාල පරිසරය නිරන්තරයෙන් වැඩිදියුණු කිරීමත්, සාමූහික ක්‍රියාකාරකම් ඔස්සේ කණ්ඩායම් වැඩ අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ දැනුම බෙදාහැරීමත්, අඛණ්ඩ ඉගෙනීම තුළින් සෑම සාමාජිකයෙකුගේම හැකියාවන් වර්ධනය කිරීමත්, උපරිම සේවාලාභී තෘප්තියක් ඉලක්ක කරගනිමින් ගුණාත්මකයෙන් යුත් සේවාවක් ලබා දීම අපගේ මෙහෙවර වේ.”

හැඳින්වීම:

අධ්‍යාපන කලාපයට අයත් පාසල් හා අනිකුත් අධ්‍යාපන ආයතනවල මානව හා භෞතික සම්පත් පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර හා තොරතුරු පවත්වා ගනිමින් අවශ්‍ය පරිදි භාවිත කිරීම, බෙදා හැරීම, විශ්ලේෂණය වැනි කාර්යය සිදු කෙරෙන්නේ සැලසුම් අංශයෙනි. අධ්‍යාපන සංවර්ධන, පාසල් පරිපාලන කාර්යය මෙන් ම කලාප අධ්‍යාපන කාර්යාලයීය පරිපාලනයට සම්බන්ධ ක්‍රියාකාරී සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීම මෙම ශාඛාවේ ප්‍රධාන වගකීම වේ. කලාපයේ මූල්‍යාධාර ව්‍යාපෘති, අධ්‍යාපන පර්යේෂණ කාර්ය සම්බන්ධීකරණය සඳහා දායක වීම ද සැලසුම් අංශයේ කාර්යභාරය අතර වේ.

ප්‍රධාන වගකීම් සහ කාර්යභාරයන් (සම්පූර්ණ ලැයිස්තුව):

  • අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන්වලට අදාලව කලාපයේ සමස්ත වාර්ෂික, මධ්‍යකාලීන, පස් අවුරුදු සැලැස්ම සැකසීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම
  • කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල වාර්ෂික, මධ්‍යකාලීන හා පස් අවුරුදු සැලසුම් සකස් කිරීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා ප්‍රගතිය සමාලෝචනය කිරීම
  • පාසල්වල වාර්ෂික ඇස්තමේන්තු අනුමත කිරීම
  • කලාප ව්‍යුහ කටයුතු සම්බන්ධව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීම
  • කලාපයට අයත් සියලුම අධ්‍යාපන ආයතනවල භෞතික හා මානව සම්පත් අවශ්‍යතා හඳුනා ගැනීම, ගණනය හා අවශ්‍යතා සැපයීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම
  • අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියට (EMIS) අදාල දත්ත හා තොරතුරු රැස් කිරීම, යාවත්කාලීන කිරීම, සංවිධානය, විශ්ලේෂණය හා බෙදාහැරීම
  • වාර්ෂික පාසල් සංගණන කටයුතු සම්බන්ධීකරණය කිරීම පිළිබඳ නියාමනය හා ප්‍රගතිය වාර්තා කිරීම
  • පාසල් නඟා සිටුවීමේ වැඩසටහනට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරීම
  • පාසල්වලට ලබා දී ඇති ගුණාත්මක යෙදවුම් හා අනෙකුත් ප්‍රදානයන් භාවිතය සඳහා උපදෙස් සැපයීම
  • අධ්‍යාපන පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණය හා අනාවරණවලින් ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම
  • ජලය, විදුලිය, සනීපාරක්ෂාව ඇතුළුව පාසල් භෞතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම
  • අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලිය සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය ලබා ගැනීම, විදේශාධාර ව්‍යාපෘති සැලසුම් කිරීම, සම්බන්ධීකරණය, නියාමනය, ප්‍රගති සමාලෝචනය හා පසු විපරම් සිදු කිරීම
  • දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු සඳහා අවශ්‍ය වාර්තා සැකසීම හා සැපයීම
  • ඉදිකිරීම්, අලුත්වැඩියා සම්බන්ධ අදාල පාර්ශව සමග සම්බන්ධීකරණය කිරීම
  • අදාල විදේශාධාර වැඩසටහන් මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම
  • විදුහල්පති ධාරිතා සංවර්ධනය සඳහා කටයුතු කිරීම
  • සැලසුම් අංශයට අදාල කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම
  • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම
screenshot 2026 07 22 090217

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්)

ඒ.ඒ.එල්.එම්.ඩයස් මයා

Placeholder

අංශ ප්‍රධාන

ඊ.කේ.එන්.පී.ගුණවර්ධන මයා 

screenshot 2026 07 22 090539

එම්.පී.පේමසිංහ මිය

සංවර්ධන නිලධාරී

Placeholder

ඩබ්ලිව්.එම්.ටී.උදයංගනී මිය

සංවර්ධන නිලධාරී

Placeholder

ඒ.ජී.ඒ.කාන්ති මිය

කාර්යාල කාර්යසහයක