Zonal Education Office Naula

📘 අධ්‍යාපන සංවර්ධන අංශය

දැක්ම

“ගුණාත්මක අධ්‍යාපනයක්”

මෙහෙවර

“නාවුල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපනයෙහි ගුණාත්මක බව තහවුරු කිරීම උදෙසා ප්‍රශස්ත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම.”

හැඳින්වීම:

අධ්‍යාපන කලාපයේ සිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය ගුණාත්මක ලෙස පවත්වා ගැනීමේ ප්‍රධාන කාර්යභාරය පැවරෙන්නේ අධ්‍යාපන සංවර්ධන අංශයට ය. මෙම අංශය යටතේ පාසල් විෂයමාලාවට අදාළ සියලු ම විෂය සංවර්ධනයට අවශ්‍ය කාර්ය සිදු කරන අතර සිසුන්ගේ සාධන මට්ටම් අධ්‍යයනය කරමින් පාසල් පද්ධතිය වෙත අධ්‍යාපන සංවර්ධනය සඳහා අවශ්‍ය මැදිහත් වීම් ද සිදුකෙරේ. පාසල් වාර පරීක්ෂණ, ප්‍රතිඵල විශ්ලේෂණ, ගුරු සංවර්ධන, විෂයානුබද්ධ තරග, ශිෂ්‍ය සාධනය ඉහළ නැංවීම, විෂය සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් සිදු කිරීම ආදී කටයුතු මෙන් ම පාසල්වල අධ්‍යාපන ගුණාත්මක තහවුරුව සඳහා ද වගකීම දරනුයේ මෙම අංශය යි.

ප්‍රධාන වගකීම් සහ කාර්යභාරයන් (සම්පූර්ණ ලැයිස්තුව):

  • අධ්‍යාපන ප්‍රතිපත්ති හා නියමිත විෂයමාලාව ක්‍රමවත්ව ක්‍රියාත්මක වීම සම්බන්ධව වගකීම හා වගවීම
  • අධ්‍යාපන ආංශික සංවර්ධන ප්‍රවේශ රාමුව හා වැඩසටහන්වලට අදාල ව වාර්ෂික මධ්‍යකාලීන, පස් අවුරුදු සැලසුම් සකස් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම
  • අනුමත සැලසුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රගති සමාලෝචනය හා නියාමනය සිදු කිරීම
  • පාසල්වල විෂය සමගාමී, විෂයානුබද්ධ කටයුතු සංවිධානය සඳහා මග පෙන්වීම
  • විෂයමාලා නවීකරණ හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම
  • විෂය අධ්‍යක්ෂවරුන්ගේ හා ගුරු උපදේශකවරුන්ගේ කාර්ය ප්‍රගති සමාලෝචනය සිදු කිරීම
  • පාසල් වෙත ලබා දී ඇති ව්‍යාපෘති ප්‍රදාන හා ගුණාත්මක යෙදවුම් පිළිබඳ විෂය අධ්‍යක්ෂවරු මගින් නියාමනය කොට ප්‍රගතිය ලබා ගැනීම
  • අවස්ථානුකූල ව විෂය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ශිෂ්‍ය සාධන මට්ටම් විශ්ලේෂණය කිරීම සහ එමගින් අනාවරණය වන කරුණු මත අධ්‍යාපන ගුණාත්මක තත්ත්වයන් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම
  • ගුරු කාර්ය මණ්ඩල ධාරිතා සංවර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගැනීම සංවිධානය හා ක්‍රියාත්මක කිරීම
  • කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන සංවර්ධන කටයුතු සඳහා උපදේශනය, ඇගයීම හා නියාමනය සිදු කිරීම
  • කලාප මට්ටමේ විෂයානුබද්ධ තරග සංවිධානය හා පැවැත්වීම
  • පාසල්වල බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුණාත්මක දර්ශකය සකස් කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනා ගෙන ඒ අනුව කටයුතු කිරීම
  • පාසල් අභ්‍යන්තර ඇගයීම් කාර්යය නියාමනය කිරීම හා අවශ්‍ය මග පෙන්වීම
  • අධ්‍යාපන සංවර්ධන ශාඛාව අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම
  • විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා නොවිධිමත් අධ්‍යාපන කටයුතු මෙහෙයවීම හා ක්‍රියාත්මක කිරීම
  • විදුහල්පති, ගුරු කාර්යසාධන ඇගයීම් නියාමනය හා පසු විපරම් සිදු කිරීම
  • විදුහල්පති හා ගුරු ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • අධ්‍යාපන පර්යේෂණ සිදු කිරීම හා අනාවරණ පදනම් කර ගනිමින් ව්‍යාපෘති යෝජනා සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම
  • පෙර පාසල් නියාමනය හා අදාල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම
Placeholder

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සංවර්ධන

අයි.යූ.වීරවර්ණ මෙය

විෂය අධ්‍යක්ෂ

Placeholder

ඩී.එම්.ඩබ්ලිව්.හේරත් මයා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

Placeholder

කේ.ජේ.කේ.කරුණාරත්න මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

Placeholder

කේ.ඩී.ජී.ආර්.වීරසිංහ මිය

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

Placeholder

එන්.ප්‍රේමකුමාර මයා

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ

ගුරු උපදේශක

Placeholder

ආර්.එම්.ඒ.ජී.ඩබ්ලිව්.ටී.රත්නායක මයා

Placeholder

එම්.එම්.ඒ.පී.කේ.මල්ලව මිය

Placeholder

එච්.ඒ.එස්.ආනන්ද මයා

අංශ ප්‍රධාන

ටී.ජී.තනුජා ගුණතිලක මිය 

thanuja new
diklewla

ඩී.ජී.කේ.කේ.දික්ලෙවුල මිය 

කළමණාකාර සේවා නිලධාරි II

bola miss

එච්.ආර්.ඩී.කේ.සිරිවර්ධන මිය

සංවර්ධන නිලධාරි III

tamil miss

ආර්.කෝකිලාම්බාල් මිය 

සංවර්ධන නිලධාරි III

chamodya

එච්.එම්.එන්.සී.හේරත් මිය

කාර්යාල කාර්යසහායක

mamaa

ඒ.එම්.එන්.ඩී.අබේසිංහ මයා

කාර්යාල කාර්යසහායක