📋 අධ්‍යාපන පරිපාලන අංශය
VISSION
“ගුණාත්මක අධ්‍යාපනයක්”
MISSION
“නාවුල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපනයෙහි ගුණාත්මක බව තහවුරු කිරීම උදෙසා ප්රශස්ත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම.”
හැඳින්වීම:
අධ්‍යාපන කලාපයට අයත් බල ප්‍රදේශයේ සියලු ම පාසල්වල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් සැපයීම, අවශ්‍ය මැදිහත් වීම් සිදුකිරීම, පාසල්වල ක්‍රියාත්මක කෙරෙන විශේෂ හා අතිරේක වැඩසටහන් සඳහා අනුමැතිය ලබා දීම, රජයේ විභාග පැවැත්වීම ඇතුළු කාර්යය රාශියක් මෙම අංශය යටතේ සිදු කෙරේ. පාසල්වල දේපළ හා භෞතික සම්පත් පිළිබඳව ක්‍රියා කිරීමේ නෛතික වගකීම අධ්‍යාපන පරිපාලන අංශය සතු වේ. සමහර කලාප අධ්‍යාපන කාර්යාල මෙම ශාඛාව ‘පාසල් පාලන’ ශාඛාව ලෙස හැඳින්වුව ද එයින් ද මේ හා සමාන කාර්යභාරයක් ඉටු වේ.
ප්‍රධාන වගකීම් සහ කාර්යභාරයන් (සම්පූර්ණ ලැයිස්තුව):
- පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා නියාමනය
- පාසල්වල කාලසටහන් අනුමත කිරීම
- පාසල් විනය හා සුභසාධන කටයුතු ඉටු කිරීම
- පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන, මත් ද්‍රව්‍ය නිවාරණ, වසංගත රෝග නිවාරණ කටයුතු අධීක්ෂණය හා නියාමනය කිරීම
- පාසල් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ආපන ශාලා අධීක්ෂණ කටයුතු සිදු කිරීම
- කලාප කාර්යාලය වෙත පැවරෙන විනය කටයුතුවල මූලික විමර්ශන පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම
- විවිධ ප්‍රදාන හා ශිෂ්‍යත්ව සඳහා සිසුන් තේරීම හා යොමු කිරීම
- රජයේ විභාග සංවිධානය හා පැවැත්වීම
- ශිෂ්‍ය කාර්ය දර්ශක දෙවන පිටපත් නිකුත් කිරීම, අධ්‍යාපන සහතික සනාථ කිරීම, ශිෂ්‍ය අනන්‍යතා පත්‍ර සහතික කිරීම
- පාසල්වල නිවාඩු සැසි පැවැත්වීම නිර්දේශ කිරීම
- පාසල් පරිශ්‍ර හා සම්පත්, බාහිර පාර්ශවයන්ට ලබා දීම සඳහා අනුමැතිය ලබා දීම
- පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් සම්බන්ධීකරණ කටයුතු හා ඒවායේ ක්‍රියාකාරීත්වය නියාමනය කිරීම
- ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධීකරණය කිරීම
- අධ්‍යයන හා ක්ෂේත්‍ර චාරිකා සඳහා අවසර ලබා දීමේ කටයුතු සිදු කිරීම
- පාසල් නිල ඇඳුම් හා පෙළ පොත්, ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ, පුස්තකාල පොත්, ඉගෙනුම් උපකරණ, ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමට අදාල කටයුතු කිරීම
- 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර ලබා දීමට අදාල කටයුතු සිදු කිරීම
- අනුමත පෞද්ගලික හා උපකෘත පාසල් පරිපාලනය සම්බන්ධ කටයුතු සිදු කිරීම
- ඉඩම් අත්පත් කර ගැනීම, නිරවුල් කිරීම, අවසන් කිරීමට අදාල කටයුතු සිදු කිරීම
- අධ්‍යාපන පරිපාලන අංශයේ කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම, වාර්තාකරණය හා ප්‍රතිපෝෂණය සිදු කිරීම
- අවස්ථානුකූල ව කලාප අධ්යක්ෂ විසින් පවරනු ලබන වෙනත් කටයුතු සිදු කිරීම
🏢 ආයතන හා පාලන අංශය
VISSION
“ගුණාත්මක අධ්‍යාපනයක්”
MISSION
“නාවුල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපනයෙහි ගුණාත්මක බව තහවුරු කිරීම උදෙසා ප්රශස්ත යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම.”
හැඳින්වීම:
අධ්‍යාපන සංවර්ධනය, පාසල් පරිපාලනය හා සැලසුම්කරණය යන ක්ෂේත්රවල ප්රශස්ත යාන්ත්‍රණයක් පවත්වා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම ආයතන හා පාලන ශාඛාවේ ප්‍රධාන කාර්යභාරය වේ. කලාපය තුළ කාර්ය මණ්ඩල පත් කිරීම්, ස්ථාන මාරු කිරීම්, නිදහස් කිරීම්, විශ්‍රාම ගැන්වීම් යන කටයුතුවලට හා ඔවුන්ගේ සේවාවලට අදාළව උද්ගත ආයතනික කටයුතු සියල්ල පරිපාලනය වන්නේ මෙම අංශයෙනි.
ප්‍රධාන වගකීම් සහ කාර්යභාරයන් (සම්පූර්ණ ලැයිස්තුව):
- කලාපයේ පාසල්වල ගුරු උපයෝජනය හා අන්තර් කලාප ගුරු ස්ථාන මාරුවීම්වල දී පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වෙත නිර්දේශ ලබා දීම
- ගුරු මාරු මණ්ඩල කැඳවීම, රැස්වීම් පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම
- විදුහල්පති සේවයේ සියලු නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ ලබා දීම
- කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලවල රාජකාරි ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම
- ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, අධ්‍යාපන නිලධාරීන්ගේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම. (වැටුප් වර්ධක, විදේශ නිවාඩු, සේවා දිගු, විශ්‍රාම ලිපිගොනු, ණය අනුමැතිය ලබා දීම, උසස්වීම් සඳහා නිර්දේශ කිරීම, රාජකාරි නිවාඩු, ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම, වාර්ෂික වැටුප් වර්ධක ලබා දීම, සේවයේ ස්ථිර කිරීම, මාරු කිරීම්, විනය කටයුතු, …..)
- කාර්ය මණ්ඩල ගෙවීම්, අතිකාල, දෛනික වැටුප්, නිවාඩු දින වැටුප්, සියලු බිල්පත් නිරවුල් කිරීම, දුම්රිය බලපත්‍ර ලබාදීම ආදි කටයුතු සඳහා ක්‍රම සම්පාදනය කිරීම
- අත්තිකාරම්, ණය, අග්‍රහාර රක්ෂණ සඳහා අදාල නිර්දේශ/අනුමැතිය ලබා දීම
- අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම පිළිබඳ කටයුතු සිදු කිරීම
- පිරිවෙන්වල වාර්ෂික ප්‍රදාන නිර්දේශ කිරීම හා පිරිවෙන්වල කාර්ය මණ්ඩලයේ ආයතනික කටයුතු ඉටු කිරීම.
- පිරිවෙන් ලියාපදිංචිය සඳහා නිර්දේශ කිරීම හා පිරිවෙන් ගුරුවරුන් පත් කිරීම සඳහා නිර්දේශ කිරීම, යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම.
- අධිකරණ කටයුතු, මානව හිමිකම් පැමිණිලි කටයුතු, පෙත්සම් කාරක සභා, උපදේශක කාරක සභා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ආදී නෛතික කටයුතු සිදු කිරීම
- අභ්‍යන්තර විනය පාලන කටයුතු හා විමර්ශන කටයුතු සිදු කිරීම
- විනය පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම
- කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම
- කාර්යාලයීය භෞතික සම්පත් නඩත්තුව හා සංවර්ධනය කිරීම
- පාසල්, කොට්ඨාස, කලාප කාර්යාල හා සම්බන්ධ අනිකුත් ආයතන සඳහා ජලය විදුලිය හා දුරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පිළිබඳව සියලු කටයුතු සිදු කිරීම
- රජයේ නිල නිවාස හා වාහන පාලනයට අදාල කටයුතු සිදු කිරීම
- සුළු මුදල් අත්තිකාරම කළමනාකරණය කිරීම
- දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම
- ලේඛනාගාර පවත්වා ගැනීමට අදාල කටයුතු කිරීම
- පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදන හා ආයතන ඵලදායීතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු සිදු කිරීම
- ආයතන හා පාලන අංශයට අදාල කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම
එම්.එම්.ජී.අයි.කේ.මල්කාන්ති මිය
කළමනාකරණ සේවා නිලධාරි I
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි
වැඩි විස්තර
- කලාප අධ්‍යපන කාර්යාලයට අයත් සියලු ම රජයේ වත්කම් ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරි භාරයේ පැවයතිය යුතුය.
ජී.එච්.එම්.උපුල් ප්‍රියදර්ශන මයා
කළමනාකරණ සේවා නිලධාරි I
මුදල් සහකාර
වැඩි විස්තර
වවුචර්පත් සහතික කිරීම
චෙක්පත්වලට අත්සන් තැබීම:
වැටුප් හා දායක මුදල් සහතික කිරීම:
වැටුප් විස්තර සහතික කිරීම
ලැබෙන තැපැල් කළමනාකරණය
සරප් මුදල් පොත පරීක්ෂාව
චෙක්පත් ලේඛන සහ නිකුත් කිරීම්
හිමිකම් හා අයවීම් වාර්තා
සේප්පු යතුරු
නිලධාරීන් නිවාඩු ගැනීමේදී සහ අධීක්ෂණය:
ඊ.කේ.එම්.ජී.එන්.පී.ගුණවර්ධන මයා
කළමනාකරණ සේවා නිලධාරි I
වැඩි විස්තර
වාර්ෂික හා පස් අවුරුදු සැලසුම්
පාසල් සැලසුම් අනුමත කිරීමේ ගොනු
පාසල් අයවැය
යටිතල පහසුකම් යාවත්කාලීන කිරීම
භෞතික සම්පත් කළමනාකරණය
චක්‍රලේඛ හා උපදෙස්
භෞතික සම්පත් සංවර්ධන සැලසුම්
පර්යේෂණ කටයුතු
ඵලදායී ක්ෂේත්‍ර 04 කටයුතු
සම්බන්ධීකරණ කමිටු
සැලසුම් අංශයේ තැපැල්: සැලසුම් අංශයට අදාළ ඊ-තැපැල් (E-mail) කටයුතු සිදුකිරීම.
කාර්යාල ප්‍රමිතිගතකරණය: කලාප අධ්‍යාපන කාර්යාලය ප්‍රමිතිගතකරණයට අදාළ කටයුතු.
ලංකා රාජ්‍ය ජාලය (LGN): ලංකා රාජ්‍ය ජාලය (LGN) සම්බන්ධ කටයුතු සිදුකිරීම.
විගණන විමසුම් හා පිළිතුරු: සැලසුම් අංශයට අදාළ විගණන විමසුම් සහ පිළිතුරු ලබාදීමේ ගොනු පවත්වාගෙන යාම.
අතිරේක වගකීම් සහ අධීක්ෂණ කටයුතු:
සැලසුම් අංශයේ විෂය භාර නිලධාරීන්ගේ වාර්තා සහ ලේඛන පරීක්ෂා කිරීම.
සැලසුම් අංශයේ කට්ටල භාර නිලධාරීන්ට මඟපෙන්වීම, උපදෙස් දීම, අධීක්ෂණය සහ අධීක්ෂණ වාර්තා හා නිර්දේශ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (සැලසුම්) සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වෙත ලබාදීම.
කලාප අධ්‍යාපන අධ්යක්ෂ හෝ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (සැලසුම්) විසින් පවරනු ලබන වෙනත් රාජකාරි ඉටු කිරීම.
එච්.එම්.ඩී.ඩී.කේ.සමරසිංහ මිය
කළමනාකරණ සේවා නිලධාරි I
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ආර්.එම්.ඒ.රත්නායක මයා
කළමනාකරණ සේවා නිලධාරි I
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ඒ.එම්.ඩී.බී.අලහකෝන් මයා
කළමනාකරණ සේවා නිලධාරි III
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ටී.ජී.ටී.එන්.ගුණතිලක මිය
කළමනාකරණ සේවා නිලධාරි II
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ඒ.ජී.එන්.හේමාලී මිය
කළමනාකරණ සේවා නිලධාරි II
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
එම්.පී.මුතුතන්තිරිගේ මිය
කළමනාකරණ සේවා නිලධාරි II
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
එම්.එම්.ජේ.කේ.එම්.ලෙනදොර මිය
කළමනාකරණ සේවා නිලධාරි II
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ඩී.ජී.කේ.කේ.දික්ලෙවුල මිය
කළමනාකරණ සේවා නිලධාරි II
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
වයි.ඒ.ඩී.බී.එල්.මධුශිකා මිය
කළමනාකරණ සේවා නිලධාරි III
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ඒ.ජී.වසන්ත වික්‍රමසිංහ මයා
කළමනාකරණ සේවා නිලධාරි III
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ඒ.එම්.ටී.ජී.සෙනවිරත්න මයා
කළමනාකරණ සේවා නිලධාරි III
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ඊ.එච්.එන්.අබේරත්න මිය
කළමනාකරණ සේවා නිලධාරි III
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
ඒ.ජී.ඒ.හේරත් මයා
කළමනාකරණ සේවා නිලධාරි III
වැඩි විස්තර
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.