💰මූල්‍ය අංශය
දැක්ම
“විනය ගරුක රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රමුඛයා වීම.”
මෙහෙවර
“මූල්‍ය සම්පත් ප්‍රමුඛතාකරණය තුළින් සේවා ලාභීන්ගේ අවශ්‍යතා, කාර්යක්ෂම හා ඵලදායීව ඉටු කිරීම.”
හැඳින්වීම:
කලාප අධ්‍යාපන කාර්යාලයකින් ඉටු වන සියලු ම ආකාරයේ සේවාවන් විධිමත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය කළමනාකරණය සිදු කරන ශාඛාව මූල්‍ය අංශය යි. විශේෂයෙන් ම අධ්‍යාපන සංවර්ධන සැලසුම් නිසි පරිදි ක්‍රියාවට නැංවීම උදෙසා මෙම අංශයේ කාර්යභාරය ඉතා වැදගත් වේ. අධ්‍යාපන කලාපයට අයත් සියලු ම කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් හා විවිධ මූල්‍ය සේවා සැපයීම් ද මූල්‍ය ශාඛාවේ ප්‍රධාන කාර්ය වන අතර ආයතනික වශයෙන් සිදු කෙරෙන භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් සහ විවිධ කාර්යයන් සඳහා ප්‍රතිපාදන සැපයීම් ඇතුළු කාර්යයන් රාශියක් මෙම ශාඛාවේ වගකීමට යටත් වේ. ගණකාධිකාරීවරයෙකුගේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ පාලනය වන මෙම ශාඛාව මූල්‍ය කටයුතු සම්බන්ධ වාර්තාකරණය හා මූල්‍ය සේවා සැපයීම සිදු කරනු ලබයි.
ප්‍රධාන වගකීම් සහ කාර්යභාරයන් (සම්පූර්ණ ලැයිස්තුව):
- වාර්ෂික කෙටුම්පත් මූල්‍ය ඇස්තමේන්තු සැකසීම හා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම
- අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් ගෙවීම
- අතිකාල දීමනා, ගමන් වියදම් හා වෙනත් දීමනා ගෙවීම
- පෞද්ගලික පාසල් හා පිරිවෙන් සඳහා ප්‍රදාන ලබා දීම
- විවිධ වැඩසටහන් හා වැඩමුළු සඳහා ගෙවීම් කටයුතු සිදු කිරීම.
- ගිණුම් පවත්වා ගැනීම, පාලනය හා නියාමනය සිදු කිරීම
- මූල්‍ය සම්පත් කළමනාකරණය හා පාලනය කිරීම
- ශිෂ්‍යාධාර ගෙවීම හා ඊට අදාල කටයුතු සිදු කිරීම
- ජලය, විදුලිය, වරිපනම් හා දුරකථන ගාස්තු ගෙවීම
- මු.රෙ. 104 (3) අනුව භාණ්ඩ හානි හා පාඩු සම්බන්ධ කටයුතු කිරීම ප්‍රාරම්භක පරීක්ෂණ සිදු කිරීම සහ මෙම හානි සියල්ල විසර්ජන ගිණුම මගින් වාර්තා කිරීම
- ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාල කටයුතු සිදු කිරීම
- පාසල් භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම, භාණ්ඩ තුලනය හා අපහරණය සඳහා නිර්දේශ ලබා දීම
- පාසල් ගොඩනැගිලි ඉදි කිරීම, අලුත්වැඩියා කටයුතු සඳහා ගෙවීම් සිදුකිරීම
- සියලුම ගෙවීම් පිළිබඳ මූල්‍ය ප්‍රගතිය වාර්තා කිරීම
- නිලධාරීන්ගේ අත්තිකාරම් හා ණය විධිමත් ව ගෙවීම, සැසඳීම හා පාලන ගිණුම් පැවැත්වීම හා අදාල කටයුතු සිදු කිරීම
- වර්ෂ අවසාන ගිණුම් සකස් කිරීම හා පියවීම
- පොදු තැන්පත් ගිණුම් සැසඳීම හා පාලන ගිණුම් පැවැත්වීම
- පාසල් හා අධ්‍යාපන ආයතනවල කාලීන ගිණුම් වාර්තා ලබා ගැනීම හා අධීක්ෂණය සිදු කිරීම
- කාර්යාලයේ හා පාසල්වල මූල්‍ය විනයක් හා පාරදෘශ්‍ය බවක් පවත්වා ගැනීම හා විගණන දෝෂ අවම කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම
- විශ්‍රාම වැටුප් පාරිතෝෂික ගෙවීම්.
- බැංකු ගිණුම් පවත්වා ගැනීමට අදාල කටයුතු හා මාසික බැංකු සැසඳුම් සකස් කිරීම.
- ගබඩා හා තොග පාලනයට අදාල කටයුතු සිදු කිරීම
- සම්පත් කළමනාකරණය පිළිබඳ අක්‍රමිකතා හා වංචා, කලාප අධ්‍යක්ෂ වෙත වාර්තා කිරීම හා ඊට අදාල විනය කටයුතු ආරම්භ කිරීම
- මූල්‍ය අංශයට අදාල කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම
- අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මුදල්
එල්.ඩබ්ලිව්.එන්.සී.ප්‍රදීප් මයා
ජී.එච්.එම්.යූ.ප්‍රියදර්ශන මයා
මූල්‍ය සහකාර
අංශ ප්‍රධාන(ගිණුම්)
ඒ.ජී.එන්.හේමාලි මිය
අංශ ප්‍රධාන(වැටුප්)
ආර්.එම්.එන්.ඩබ්ලිව්.රත්නායක මිය
ඩී.එම්.බී.මැණිකේ මිය
සංවර්ධන නිලධාරීනි
එම්.පී.මුතුතන්ත්‍රිගේ මිය
කළමණාකාර සේවා නිලධාරි
එච්.එම්.ජේ.එච්.එම්.ලෙනදොර මිය
කළමණාකාර සේවා නිලධාරි
ඒ.ජී.ඒ.හේරත් මයා
කළමණාකාර සේවා නිලධාරි
ඒ.ජී.ඩබ්ලිව්.වික්‍රමසිංහ මයා
කළමණාකාර සේවා නිලධාරි
පී.සී.අලුවිහාරේ මිය
කළමණාකාර සේවා නිලධාරි
ඊ.එච්.එන්.අබේරත්න මිය
කළමණාකාර සේවා නිලධාරි
ඊ.එම්.සී.ඒ.ඒකනායක
සංවර්ධන නිලධාරී
කේ.ජී.අයි.කුමාරසිංහ
සංවර්ධන නිලධාරී
අයි.ජී.ජේ.කේ.සෙනවිරත්න
සංවර්ධන නිලධාරී
ඒ.ඒ.එස්.කුමාරසිංහ මයා
කාර්යාල කාර්යසහයක
ආර්.ආර්.එම්.එස්.අයි.රණතිලක මිය
කාර්යාල කාර්යසහයක