Zonal Education Office Naula

🏢 ආයතන අංශය

දැක්ම

“ගුණාත්මක සේවාවක්, සතුටුදායක සේවාලාභියෙක්.”

මෙහෙවර

“කාර්යක්ෂමතාව, වගවීම හා කණ්ඩායම් ක්‍රියාකාරිත්වය තුළින් ගුණාත්මක ආයතනික සේවාවක් සැපයීම”

හැඳින්වීම:

අධ්‍යාපන සංවර්ධනය, පාසල් පරිපාලනය හා සැලසුම්කරණය යන ක්ෂේත්‍රවල ප්‍රශස්ත යාන්ත්‍රණයක් පවත්වා ගැනීම සඳහා කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය වන පහසුකම් සැපයීම ආයතන හා පාලන ශාඛාවේ ප්‍රධාන කාර්යභාරය වේ. කලාපය තුළ කාර්ය මණ්ඩල පත් කිරීම්, ස්ථාන මාරු කිරීම්, නිදහස් කිරීම්, විශ්‍රාම ගැන්වීම් යන කටයුතුවලට හා ඔවුන්ගේ සේවාවලට අදාළව උද්ගත ආයතනික කටයුතු සියල්ල පරිපාලනය වන්නේ මෙම අංශයෙනි.

ප්‍රධාන වගකීම් සහ කාර්යභාරයන් (සම්පූර්ණ ලැයිස්තුව):

  • කලාපයේ පාසල්වල ගුරු උපයෝජනය හා අන්තර් කලාප ගුරු ස්ථාන මාරුවීම්වල දී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත නිර්දේශ ලබා දීම
  • ගුරු මාරු මණ්ඩල කැඳවීම, රැස්වීම් පැවැත්වීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම
  • විදුහල්පති සේවයේ සියලු නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා නිර්දේශ ලබා දීම
  • කලාප කාර්යාලයේ හා ඊට සම්බන්ධ අනෙකුත් අධ්‍යාපන ආයතනවල නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලවල රාජකාරි ලැයිස්තු සකස් කිරීම හා නියාමනය කිරීම
  • ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ, අධ්‍යාපන නිලධාරීන්ගේ හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පෞද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම. (වැටුප් වර්ධක, විදේශ නිවාඩු, සේවා දිගු, විශ්‍රාම ලිපිගොනු, ණය අනුමැතිය ලබා දීම, උසස්වීම් සඳහා නිර්දේශ කිරීම, රාජකාරි නිවාඩු, ප්‍රසූත නිවාඩු හා විශේෂ අසනීප නිවාඩු අනුමත කිරීම, වාර්ෂික වැටුප් වර්ධක ලබා දීම, සේවයේ ස්ථිර කිරීම, මාරු කිරීම්, විනය කටයුතු, …..)
  • කාර්ය මණ්ඩල ගෙවීම්, අතිකාල, දෛනික වැටුප්, නිවාඩු දින වැටුප්, සියලු බිල්පත් නිරවුල් කිරීම, දුම්රිය බලපත්‍ර ලබාදීම ආදි කටයුතු සඳහා ක්‍රම සම්පාදනය කිරීම
  • අත්තිකාරම්, ණය, අග්‍රහාර රක්ෂණ සඳහා අදාල නිර්දේශ/අනුමැතිය ලබා දීම
  • අධ්‍යාපන කලාපයේ සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල ස්ථාන මාරු කිරීම හා කලාපයෙන් නිදහස් කිරීම පිළිබඳ කටයුතු සිදු කිරීම
  • පිරිවෙන්වල වාර්ෂික ප්‍රදාන නිර්දේශ කිරීම හා පිරිවෙන්වල කාර්ය මණ්ඩලයේ ආයතනික කටයුතු ඉටු කිරීම.
  • පිරිවෙන් ලියාපදිංචිය සඳහා නිර්දේශ කිරීම හා පිරිවෙන් ගුරුවරුන් පත් කිරීම සඳහා නිර්දේශ කිරීම, යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම.
  • අධිකරණ කටයුතු, මානව හිමිකම් පැමිණිලි කටයුතු, පෙත්සම් කාරක සභා, උපදේශක කාරක සභා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ආදී නෛතික කටයුතු සිදු කිරීම
  • අභ්‍යන්තර විනය පාලන කටයුතු හා විමර්ශන කටයුතු සිදු කිරීම
  • විනය පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැපයීම
  • කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවා ක්‍රියාත්මක කිරීම
  • කාර්යාලයීය භෞතික සම්පත් නඩත්තුව හා සංවර්ධනය කිරීම
  • පාසල්, කොට්ඨාස, කලාප කාර්යාල හා සම්බන්ධ අනිකුත් ආයතන සඳහා ජලය විදුලිය හා දුරකථන ආදී පහසුකම් සැපයීම හා නඩත්තුව පිළිබඳව සියලු කටයුතු සිදු කිරීම
  • රජයේ නිල නිවාස හා වාහන පාලනයට අදාල කටයුතු සිදු කිරීම
  • සුළු මුදල් අත්තිකාරම කළමනාකරණය කිරීම
  • දෛනික තැපෑල සම්බන්ධ කටයුතු සිදු කිරීම
  • ලේඛනාගාර පවත්වා ගැනීමට අදාල කටයුතු කිරීම
  • පිළිගැනීමේ කවුන්ටරය, අභ්‍යන්තර සන්නිවේදන හා ආයතන ඵලදායීතා සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු සිදු කිරීම
  • ආයතන හා පාලන අංශයට අදාල කටයුතු අභ්‍යන්තර ඇගයීමට ලක් කිරීම
  • අවස්ථානුකූලව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් පවරනු ලබන වෙනත් රාජකාරි කටයුතු සිදු කිරීම
wijayabandara

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන)

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I

පී.එච්.එම්.අයි.විජයබණ්ඩාර මිය

ao

පරිපාලන නිලධාරී

එච්.එම්.එම්.කේ.අබේරත්න මයා

malkanthi
  • අත්තිකාරම් මුදල් පාලනය සම්බන්ධ රාජකාරි
  • පෞද්ගලික ලිපිගොනු හා අනෙකුත් ලේඛන පරීක්ෂාව
  • කාර්යාල ඉන්වෙන්ට්‍රිය භාරව කටයුතු කිරීම

 අංශ ප්‍රධානී

ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී

එච්.එම්.ජී.අයි.කේ.මල්කාන්ති මිය

(කළමනාකරණ සේවා නිලධාරී සේවය I)

මධුෂිකා

ආය 01

වයි.ඒ.ඩී.බී.එල්.මධුෂිකා මිය

(කළමනාකරණ සේවා නිලධාරී සේවය III)

 

  • මප/නා/ශ්‍රී නාග ජාතික පාසල
  • මප/නා/නාලන්ද මහා විද්‍යාලය
  • මප/නා/කෝන්ගහවෙල මහා විද්‍යාලය
  • මප/නා/ආඳාවල මහා විද්‍යාලය
  • මප/නා/මොන්ටිගොපල්ලව මහා විද්‍යාලය‍
  • මප/නා/මේල්පිටිය මහා විද්‍යාලය
  • මප/නා/අඹන්/මහින්ද ද්වීතීක විද්‍යාලය
somarathna

ආය 02

කේ.වී.ඒ.එස්. සෝමරත්න මිය

(සංවර්ධන නිලධාරී සේවය II)

 

 

  • මප/නා/ඹ්පල්ගල කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/හාඩුව කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/පුබ්බිලිය කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/කූඹියන්ගහඇල කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/මුරුතෝලුව කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/නිකුල බිබිල කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/බෝගස්බොබැල්ල කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/කුඹල්ඔලුව කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/ හුණුකැටේ කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/පල්ලේතැන්න කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/පිළිහුඩුගොල්ල කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/රත්තොට මහාබෝධි විද්‍යාලය
  • මප/නා/පුස්සැල්ල නවෝද්‍යා විද්‍යාලය
alahakon

ආය 03

ඒ.එම්.ඩී.බී.අලහකෝන් මයා

(කළමනාකරණ සේවා නිලධාරී සේවය II)

 

  • මප/නා/බඹරගහවත්ත කණිෂ්ට විද්‍යාලය
  • මප/නා/උඩුදෙණිය ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/බොබැල්ල ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/දෙවරාදපොල ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/ඉඹුල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/කලුගල්තැන්න ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/මොන්ටිගොපල්ලව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/හුනුකැටඇල ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/ඕපල්ගල මොරගොල්ල ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/සුදර්ශි ප්‍රාථමික විද්‍යාලය
  • මප/නා/අල්හම්රා මුස්ලිම් විද්‍යාලය
  • මප/නා/නාමගල් දෙමළ මහා විද්‍යාලය
  • මප/නා/ගම්මඩුව දෙමළ මහා විද්‍යාලය
  • මප/නා/හපුගස්පිටිය දෙමළ විද්‍යාලය
  • මප/නා/නාගල දෙමළ විද්‍යාලය
  • මප/නා/ඕපල්ගල දෙමළ විද්‍යාලය
  • මප/නා/විග්නේශ්වරා දෙමළ විද්‍යාලය
  • මප/නා/පල්ලේතැන්න දෙමළ විද්‍යාලය
kumari

ඒ.ජී.එස්.එන්.කුමාරි මෙය

කාර්යාල සේවක සේවය III

wijekon

ඊ.එච්.එම්.එච්.ජී.එම්.

විජේකෝන් මයා

කාර්යාල කාර්ය සහයක අධි ශ්‍රේණිය

Placeholder

ඒ.අයි.ඩබ්ලිව්.ඒකනායක මයා

රියදුරු

Placeholder

ඩී.එම්.ඩබ්ලිව්.දිසානායක මයා
මුරකරු

Placeholder

එච්.එම්.ඒ.ෂාමින්ද මයා

මුරකරු

Placeholder

පී.එම්.පී.ජී.පී.ඩී.මාලින්ද මයා

මුරකරු