Zonal Education Office Naula
නාඋල කලාප අධ්‍යාපන කාර්යාලයේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද “බක් මහ උළෙල 2026” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය මෑතකදී නාඋල පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සාම්ප්‍රදායික ක්‍රීඩා සහ සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වූ මෙම අවස්ථාව සඳහා කාර්යාලයීය කාර්ය මණ්ඩලය, නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූ අතර, එය සැමටම ප්‍රීතිමත් සහ සුහදශීලී සැමරුම් දිනයක් විය.